News

එජාප කෘත්‍යාධිකාරිය අද

පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය යෝජනා අද (25 වැනිදා) දින පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක්තවය පිළිබඳ මතුව ඇති ගැටලුව විසඳීම සඳහා වූ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (25 වැනිදා) පස්වරු 3.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

උදයජීව ඒකනායක