News

එම්.ජේ. ගුණසිරි සුරාබදු කොමසාරිස් ධූරයට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කර ඇත.

ඒ පසුගිය 30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

එම තීරණයට අනුව ලබන 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ එම්.ජේ. ගුණසිරි මහතා කටයුතු කිරීමට නියමිතයි.