එම්.සී.සී. ගිවිසුම යටතේ ලංකාවට සතයක්වත් දී නැහැ
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්. සී.සී.) ගිවිසුමට අයත් ඩොලර් මිලියන හාරසිය අසූවක ප්රදානය යටතේ කිසිදු මුදලක් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දී හෝ වියදම් කර නැතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි ටී. වැන්හොර්න් ‘අරුණට’ ප්‍රකාශ කළාය.
තවද එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් රජයේ තීරණය ලැබෙන තෙක් ගිවිසුමට අදාළ ක්‍රියාකාරකම් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බවද ඇය පැවැසුවාය.
අනෙකුත් ඇමරිකානු සංවර්ධන කටයුතු මෙන් මෙහිදී ද ඇමරිකාව විනිවිදභාවයෙන් සහ වගවීමෙන් කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ද්වි පාර්ශ්වීය ප්‍රදානයන් කරන ආයතන අතුරින් ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගෝලීය වශයෙන් පළමු ස්ථානය ලෙස යළි ශ්‍රේණිගත කර ඇති බවය.
අජිත් අලහකෝන්
