එම්.සී.සී. සමාලෝචන කමිටු වාර්තාව අගමැති අතට
‘සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව ඊයේ (24 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය.
වාර්තාවේ පිටපතක් අගමැති ලේකම් ගාමිණී සෙනරත් වෙත ද මෙහිදී භාර දුන්නේය.
‘සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් මාස හයක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්රයන්හි අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනු ලැබීය.
ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.
මෙම කමිටු වාර්තාව අද (25 වැනිදා) ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
මෙම කමිටුවේ සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළ අතර ප්‍රවාහන ආර්ථික ශාස්ත්‍රඥ ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සාමාජිකයෝ වූහ.
