News

එලියේ ගහපු දැන්වීමත් ඇතුළෙන් ගහගෙන රාජගිරියේ පවුලක් නිරෝධායන නීති කඩලා

රාජගිරිය ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ පවුලක් පිළිබඳ ලැබුණු පැමිණිලි මත මහජන සෞඛ්‍ය පරීක්ෂක එකී පැමිණිලි විභාග කිරීම සඳහා අදාල නිවසට ගොස් තමන්ට තොරතුරු ලබා දුන් පිරිසගේ අනන්‍යතාව හෙළි කර ඇති බව වාර්තා වේ.

මෙම පවුල නිරෝධායන නීති කඩ කරනවා යැයි එම ප්‍ර දේශයේ පදිංචි කරුවන් 21 දෙනකු මහජන සෞඛ්‍ය පරීක්ෂකට දුරකතන ඇමැතුම් මාර්ගයෙන් දැනුම් දී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා එම ඇමැතුම් 21 ම ලබා දුන් දුරකථන අංක නීති කඩ කළ පුද්ගලයින් අතට පත් කර ඇති බව කියවේ.

නිරෝධායන කරන අවස්ථාවේදී ඒ බව පොදු මහජනයාට දැනුම් දීම සඳහා  නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීම පවා මෙම නිවැසියන් ගලවා ඇතුළින් අලවා ඇති බවද වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මෙලෙස වගකීම් විරහිත ලෙස හැසිරෙන්නේ නම් ඉදිරියේදී ජනතාව මොවුන්ට තොරතුරු දීම ප්‍රතික්ශේප කරනු ඇතැයි ප්‍රදේශ වාසීන් කියයි.