එළවලු වෙළෙන්දන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයට
වවුනියාව එළවලු වෙළෙදපොළේ සියලුම වෙළෙන්දන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
පවතින කෙරෝනා අවධානම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම පියවර ගෙන තිබේ.
කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වවුනියාව නගරයේ එළවලු වෙළෙදපොළට ඇතුළුවන ස්ථාන කිහිපයක සැරි සරා ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එමෙන්ම යාපනය මරදනාමඩම් එළවලු වෙළෙදපොළේ කොරෝනා ආසාදිත පොකුර පිළිබදවත් සැලකිල්ලට ගනිමින් මෙම වෙළෙන්දන් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.
ඒ අනුව වෙළෙන්දන් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමු කර ඇත.
