News

එ.ජා.ප. ඡන්ද ව්‍යාපාරය 28වැනිදා කොළඹින් ඇරැඹේ

එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙම ඉරිදා (28දා) කොළඹ දී ආරම්භ කිරීමට නියමිතය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නූතන තාත්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ ව්‍යාපාරය ඇරැඹීමට පෙර සර්ව ආගමික නායකයන් හමු වී ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතය.

අජිත් අලහකෝන්