ඕමානයේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනයවී ඇති බවට හදුනාගත් බවයි.
මේ වන විට ආසාදිතයින් 208දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 2,676දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
