News

ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු අද අළුයම 4.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

ඉන් අනතුරුව අළුයම 5.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-605 දරන විශේෂ ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙලෙස දිවයිනට පැමිණි සියලුදෙනා විෂබීජහරණයට ලක්කර ඉන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.