කටුකුරුන්ද STF පුහුණු කඳවුරේ තිදෙනෙකුට කොරෝනා
කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කදවුරේ නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
පසුගිය දින දෙක තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ණ වලින් තහවුරු කර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සදහන් කරයි.
මේ හේතුවෙන් අදාළ කදවුරේ අනෙකුත් සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
