කටුනායකට නව PCR පරීක්ෂණාගාරයක්
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා නවතම වෛද්‍ය රසායනාගාරයක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.
එම රසායනාගාරය අද (09) දින විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා දුනි.
මෙහි දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාවයක් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සඳහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ.
