කටුනායකට නව PCR යන්ත්‍රයක්
කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සංක්රමනිකක සේවකයන් ආරක්ෂිතව යලි ගෙන්වා ගැනීමට ස්විට්සර් ලන්ත සහ සංක්‍රමණ පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය හිමිව ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන සංක්‍රමණික සේවකයන්ගේ කරනුලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කිරීම සඳහා නවීන ස්වයංක්‍රිය PCR යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 3,9000ක් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එසේම මෙම යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ 1300ක් පමණ සිදුකළ හැකි බව පැවසේ. පරීක්ෂණ සඳහා පැය තුනක පමණ කාලයක් ගතවන අතර එමගින් ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට හැකිවන බව සඳහන් වේ.
