කටුනායක ගුවන් තොටුපළට තවත් PCR යන්ත්‍රයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39000 ක් ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් ඊයේ(26) පිරිනමා තිබේ.
මෙම නව යන්ත්‍රය සවි කිරීමත් සමගම දිනකට මෙම රසායනාගාරය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 1300 ක ප්‍රමාණයක් දක්වා සිදු කිරීමේ ධාරිතාවය ඉහළ යයි.
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ද පැය 04 ක වැනි කෙටි කාලයක් තුළ නිකුත් කීරීමට ද හැකි වන බව වාර්තා වේ.
ඉදිරි කාලය තුළ සංක්‍රමණිකයන් ආරක්ෂිතව විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටත්, නියමිත වේලාවට ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කර ගැනීමටත් මෙම රසායනාගාරය වෙත මෙම පරිත්‍යාග කිරීම බෙහෙවින්ම ඉවහල් වේ.
