කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා තවම ජීවතුන් අතර ද?
ඉකුත් වසරේ පාස්කු ඉරුදින මීගමුව කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද
වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු
වී නොමැති බව ජනාධිපති කොමිසමේදි අනාවරණය විය.
කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සදහන් කළේ සයින්දමර්දුහි මරාගෙන මැරෙන බෝම්බ
පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නැමැත්තිය සිටි විමර්ශන ඔස්සේ අනාවරණය වුවද, පිපිරීමෙන් පසු
හමුවු කිසිදු මළසිරුරක් ඇයගේ මවගේ DNA සාම්පල සමග නොගැලපෙන බවයි.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ පුලස්තිනි මහේන්ද්‍රන් නැමැති අදාළ කාන්තාව මෙම මරාගෙන මැරෙන
ප්‍රහාරයෙන් මියගිය බව තහවුරු වුනේද යන්නයි. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මෙම ත්‍රස්තවාදින් සමග සබදතා පැවැත්වු කල්මුණේ සියාම් නැමැත්තා ඉකුත් වසරේ අප්‍රේල් 26 වන දින ප්‍රහාරය සිදුවීමට පෙර මෙම පිරිස සමග සරා ජෙස්මින් සිටිනු දැක ඇති බවයි.
එසේම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂිම්ගේ බිරිදගේ ප්‍රකාශ අනුවද සාරා අවසන්
මොහොත වන තෙක් මෙම කණ්ඩායමේ සිටි බව තහවවුරු වී ඇතැයි ඔහු වැඩිදුරටත් සදහන් කළා.
කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු මෘතශරීර සියල්ලෙන් ලබාගන්නා ලද DNA සාම්පල කිසිවක් පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තියගේ මවගේ DNA සාම්පල සමග නොසැසදෙන බව මෑතකදි බුද්ධි නිලධාරියෙකු මාර්ගයෙන් තමන් දැනගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
වරුණි පෙරමුණ
