News

කතරගම යන්න ගිය බොරැල්ලේ 4කට කොවිඩ්

බොරැල්ලේ සිට හුදෙකලා කළ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ද සහභාගි කර ගනිමින් කතරගම වන්දනාවේ යන්නට ගොස් ගොස් ආපසු මත්තලින් හරවා එවූ වන්දනා නඩයේ 49 දෙනාගෙන් සිවුදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් සිවුදෙනා බොරැල්ල, ලෙස්ලි රණගල මාවත, සර්පන්ටයින් පාර හා මැගසින් පාර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඔහුගේ ධන පරිත්‍යාගයෙන් මෙම වන්දනා ගමන සංවිධානය කර ඇති අතර වන්දනා ගමනට පැමිණි සුඛෝපභෝගී බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරගේ ද පී.සී.ආර්. පරික්ෂාවන් ඊයේ(21) දින සිදු කර ඇත.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන සිදුකරයි.