News

කුණු කන්දේ ගින්න නිවයි

හදිස්සියේ හටගත්, පිළියන්දල කරදියාන කුණු කන්දේ ගින්න මේ වන විට මැඩපවත්වා ඇත. මේ බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දින (30) රාත්‍රියේ 9.00ට පමණ මෙම ගින්න හටගෙන තිබුනේ කුණු කන්දේ පහළ කොටසේයි.

ඒ සමග ක්‍රියාත්මක වූ මොරටුව සහ ගල්කිස්ස ගිනි නිවිම් ඒකකවල නිලධාරින් ගින්න මැඩපවත්වා ඇත. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 3ක් යොදාගත් බව පැවසේ.

ගින්න පාලනය සඳහා පැය තුනක් පමණ ගතවූ බව පැවසෙනවා.