කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුව වසා දමයි
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගි කාන්තාවකට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම වාට්ටුවට රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නවතා දැමු බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.
මෙකි වාට්ටුවට ඇතුලත් කළ යුතු රෝගින් රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
24 වාට්ටුවේ කොටසක ස්නායු රෝගින් හා තවත් කොටසක මුඛ හනු දත් සම්බන්ද රෝගවලින් පෙලෙන රොගින් නේවාසික ප්‍රථිකාර ලබති.
මෙකි වාට්ටුවේ සේවය කරණ කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇත.
එච් එම් සමන් – අක්මීමන
