කරුණා සී අයි ඩී යට කැඳවයි
ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිඛේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත බවයි.
කරුණා අම්මාන් එල් ටී ටී ඊ සාමාජිකයෙක්ව සිටි සමයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කරුණා අම්මාන් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් පැවසුවේ කොරෝනා වෛරසයට වඩා තමන් භයානක බවත් එල් ටී ටී ඊ සංවිධානයේ නායකයෙකු වී සිටියදී අලිමංකඩ හමුදා කඳවුරුට එල්ල කළ ප්‍රහාරයෙන් එක් දිනක හමුදා සාමාජිකයින් 2000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කළ බවයි.
