News

කළුතර කොවිඩ් අවදානම ඉහලට

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර සහ බේරුවල කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ බැවින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පූර්ණ සහ අර්ධ වශයෙන් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (19) ආසාදිතයන් 120ක් හඳුනා ගෙන තිබුණා.

ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් හුදකලා කිරීමට කටයුතු කර තිබෙන බව පැවසේ.

එසේම කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ‘ කුරුඳුවත්ත, මහවත්ත, කුඩා හීනටියන්ගල, වෙට්ටුමකඩ, අක්කරගොඩ, කළුතර දකුණ 725 හා 725 බී යන ග්‍රාම නිලධාරී වසම් පුර්ණ වශයෙන් හුදකලා කර ඇත.