ක්‍රෙඩිට් කාඩ් පොලීය පහළට
තමන් විසින් මේ දක්වා ගනු ලැබූ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හා සැසඳීයේ දී වෙළෙඳපොළ ණය පොලී අනුපාත පහළ යෑමේ වේගය පිළිබඳ ව සෑහීමට පත් විය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීමත් සමඟ ඊයේ (19) රැස් වූ මුදල් මණ්ඩලය ඒ පිළිබඳ ව යම් යම් තීරණ ගෙන තිබේ.
ඒ අනුව ණය කාඩ් පත් ඇතුළු පොලී අනුපාත හතරක් සඳහා උපරිම පොලී අනුපාතිකයන් පැනවීමට කටයුතු යොදා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
උගස් සඳහා වාර්ෂික පොලී අනුපාතය 10%ක් විය යුතු බව ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
පෙර සූදානම් කළ තාවකාලික අයිරා සඳහා උපරිම පොලී අනුපාතය 16.00%ක් ලෙසත් සාමාන්‍ය පොලී අනුපාතයට වඩා දඩ පොලී අනුපාතය සියයට 2.00%ක් ලෙසත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
