News

කාන්තාවකට අතවර කර මරා දමලා

පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රදේශයේ මාර්ගයක් අසළ පොහොර උරයක බහා තිබූ කාන්තා මළ සිරුරක් ප්‍රදේශවාසීන් අද උදෑසන සොයාගෙන තිබේ.

49 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කොට හරත්තමඩම ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගෙනවිත් දමා ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පොල්ගොල්ල – කලගොල්ලාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී ඇයට අතවර කර ඝාතනය කර පසුව කාන්තාවගේ සිරුර මාර්ගය අසළට ගෙනවිත් දමා ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.