News

කැස්බෑවේ 31දෙනෙකුට කොවිඩ්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද (11) වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 31 දෙනකු වාර්තා වී ඇත.

ඒ අතුරින් මාකන්දන ප්‍රදේශයෙන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජයසුන්දර මහත්මිය පවසයි.

පිළියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල පදිංචි සිය දෙනෙකුට ආසන්න පිරිසක් හෙට(12) දින පිලියන්දල දිසා රෝහලේ දී පි.සි.ආර් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් පවසයි