කිලිනොච්චි රෝහලත් කොරෝනාවට
යුද හමුදාව සතු කිලිනොච්චි රෝහල කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීමට වෙන්කර දීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (15 වැනිදා) පියවර ගෙන ඇත.
කො විඩ් ප්‍රතිකාර සඳහා උතුරේ හමුදා රෝහල් තුනෙන් එකක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් කළ ඉල්ලීමක් මත මෙය ලබා දී ඇත. කිලිනොච්චි රෝහලේ රෝගීන් සියයක් සඳහා ඊයේ (15 වනදා) වන විටත් ඇඳන් සූදානම් කර තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සතු කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ රෝහල් දහතුන අතරින් ඊයේ (15 වැනිදා) වන විට ඇඳන් ඉතිරිව තිබුණේ 168ක් පමණි.
අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් 120කට පහසුකම් තිබුණද ඊයේ (15 වැනිදා) වන විට 158ක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටියහ. කඹුරුගමුව හා වැලිකන්ද රෝහල්වලත් නියමිත ප්‍රමාණය ඉක්මවා රෝගීන් 37ක් ඇතුළත් කර තිබිණි.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
