කුකුළු මස් කඩවල 34කට කොවිඩ්
කොවිඩ් 19 වයිරසයට ගොදුරු වූ තවත් ආසාදිතයන් 8 දෙනෙකු සොයා ගැනීමෙන් පසු ගම්පොළ නගරයේ කුකුල් මස් කඩවලින් හමුවූ ආසාදිතයන් 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ගම්පොළ නගරයේ නුවර මාර්ගය, අඹගමුව මාර්ගය, මලබාර් වීදිය, කඩුගන්නාව මාර්ගය තුළ ඇති කුකුල් මස් කඩ 8ක සේවකයන් හිමිකරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය මෙසේ ආසාදනයට ලක්ව තිබේ.
සිකුරාදා (25 වැනිදා) සවස සොයාගත් මෙම 8 දෙනා නිරෝදායනයට ලක්කර සිටියදී සොයාගත් පිරිසක් වන අතර ඔවුන් සියලුදෙනා ප්‍රතිකාර සඳහා යොමුකරවීමට පියවර ගනු ලැබීය.
මේ සමගම සෞඛ්‍ය අංශ පොලිසිය හා නගර සභාව එක්ව ගම්පොළ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලු කුකුල් මස් වෙළෙඳසල්වල හිමිකරුවන් හා සේවකයන් 130 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමටද පියවර ගෙන තිබුණි.
මේ වන විට මෙම කුකුල් මස් ආශ්‍රිත පොකුරේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාත් කළමනාකාරවරයකුගේ වෛද්‍යවරියක් වූ දියණිය ඇතුළු සියලුදෙනා ආසාදනයට ලක්ව තිබේ.
සුරංග දිල්හාන් -ගම්පොළ
