කුඩා ධීවර යාත්‍රාවලට අද සිට ධිවර කටයුතුවලට අවසර
කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ප්‍රාදේශිය ධිවර කාර්යාල හරහා ආදාළ අවසරය ලබා දිමට කටයුතු කරන බව ධිවර දෙපාර්තමේන්තුව සදහන් කළේය.
පසුගිය දින වල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කුඩා ධිවර යාත්‍රා සදහා ධිවර කටයුතු වලට අවසර ලබා නොදිමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කළේය.
මේ වන විට කාලගුණ තත්වය යම්තාක් දුරට යහපත් වි ඇති බැවින් ධිවර කටයුතු සදහා අවසර ලබා දිමට තිරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
