කුඩු බෙදන්න ගිය බන්ටිගේ ගෝලයා මාට්ටු
හෙරොයින්,අයිස්,සහ හඳුනා නොගත් මත් පෙති බෙදූ වැඩ තහනමකට ලක්වූ ලියුම් බෙදන්නෙකු බත්තරමුල්ල බටපොතදී තලංගම පොලීසිය විසින් අද(10) අත්අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 4 මිලිග්රෑම්10,අයිස් ග්රෑම්10,හඳුනා නොගත් මත් පෙති 5,ජාවාරම් මුදල් බවට සැකකෙරෙන මුදල් රුපියල් 43000ක්,ජංගම දුරකතන 2ක්,යතුරු පැදියක් සොයා ගෙන ඇත.
උපපොලිස් පරීක්ෂක මුදිත ප්රියංකර විසින් විමර්ශන සිදු කිරීමේදී හෙලි වී ඇත්තේ බත්තරමුල්ල බන්ටි නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයෙකු ලෙස කටයුතු කරමින් මෙම ජාවාරම් ජාලය මෙහෙයවා ඇති බවයි.මෙම ජාලයේ ඉතිරි සැකකෘවන් සොයා තලංගම පොලීසිය විමර්ශන සිදු කරයි.
හේමන්ත ලියනපතිරණ
