News

කුරුණෑගල නගරාධිපතිට එරෙහි වරෙන්තුවට අතුරු තහනමක්

පසුගිය දිනක කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමේ සිද්ධියට සම්බන්ධ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ මහතා ඇතුළු 5දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත්කර තිබු වරෙන්තුව වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මකවීම වලකාලනවා.

ඒ මෙන්ම පොලීසියට හෝ ඊට සහාය වන මහෙස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතුවලට කිසිඳු බාදාවක් නොවන බවයි විනිසුරු මඩුල්ල අවධාරණය කරනු ලැබුවේ.