News

කුවේටයේ සිට ශ්‍රී ලාංකිකයින් 466 ක් දිවයිනට

කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

ඉන් පළමු කණ්ඩායම ඊයේ(19) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 287 දෙනෙකු සිටි බව ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.

දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙකු ඊයේ මධ්‍යම රාත්‍රියේ කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.