News

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයා අස්වර් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙ‌ල්වත්තේ දිනුකගේ ගෝලයෙක් වන අස්වර් නමැත්තා මත්ද්‍රව්‍ය රැසක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන මෙම වැටලීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරීදිය.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 40, අයිස් ග්‍රෑම් 15ක් සහ කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 500ක් තිබූ බව පොලීසිය පැවසීය.

මෙම සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුගේ බිරිය මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වේ.