News

කොරෝනාවට මුවා වි පුරප්පාඩු 140ට පොලිසියේ 300 කටම ඒ.එස්.පී. තනතුරු පුදන්න යයි

කොරෝනාවට මුවා වී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තුන්සියයකට අධික පිරිසක් සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස් කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරි තනතුරු පුරප්පාඩු පවතින්නේ 140 කට ආසන්න ප්‍රමාණයකි. එවැනි තත්ත්වයක් මත මෙතරම් පිරිසකට උසස්වීම් ලබාදීම සුදුසු නොවන බව අසාධාරණයට ලක්වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් පැවැසූහ.

මීට අදාළ ලේඛනයට අනුමැතිය ගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමට ලේඛනය යොමුකර ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා (30 වැනිදා) එය සාකච්ඡා කිරීම පසුවට තබා ඇතත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක උසස්වීම් ලබාදීමේ ගැටලු මතුවිය හැකි බැවින් යැයි පැවැසේ.

චමින්ද සේනාරත්න