News

කොරෝනාවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවදානමක්

කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව නවතම අධ්‍යනයක් හෙළි වී තිබේ.

මෙම පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් කළ මෙම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප්‍රතිකාර ක්‍රමවේද විමසීමට ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කඩිනමින් යොමුවිය යුතු බව ද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙයි.