කොරෝනාවෙන් සුවය ලැබූ රෝගියා රෝහලට කළගුණ සලකයි
කොවිඩ් ආසාදිතව සිට සුවවූ පුද්ගලයෙකු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දී තිබේ.
ජයවර්ධනපුර මහ රෝහල සතුව මීට පෙර පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතිබුණු අතර එම රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගෙන ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා ය.
එම නිසා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මගින් දැනට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇති අතර දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පැවසුවේය.
