කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළට
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 22දෙනෙකු අද (27) දිනයේදී හදුනාගත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 17දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් පස්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමණි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2804කි.
ඉන් ආසාදිතයින් 2121ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, රෝහල් ගතව ආසාදිතයින් 672ක් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.
