කොරෝනා ගැන බොරු ප්‍රචාර කරන්නන් සොයා CID මෙහෙයුම්
කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සහ බෙදාහරින පුද්ගලයින් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන සහ ඒවා බෙදාහරින පුද්ගලයින් සොයා අත්අඩංගුවට ගන්නා අතර රජය විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
