News

කොරෝනා මරණ වර්ග දෙකක්

කොවිඩ් ආසදිතය්න්ගේ මරණ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ වශයෙනුයි. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

රෝහලක කොවිඩ් ප්‍රතිකාර ලබා මරණයට පත්වන අයෙක් වේනම් ඒවා සෘජුවම කෝවිඞ් ආශ්‍රිත මරණ ලෙස ගණන් ගැනෙන බවත් සියදිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරික්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පීසීආර් පරික්ෂණවල දී කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍රව කෝවිඞ් ආශ්‍රීත මරණ ලෙසත් සලකනු ලබනවා’ යයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනු ලබනවා.

අද (02) දින’ “22 වන මරණය” පිළිබඳව විමසීමේදී ඔහු මේ බව සඳහන් කර ඇත.