News

කොරෝනා මෙරටින් තුරන් කිරීම සදහා අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න

කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සදහා රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය ලබාදීම සදහා සියලුදෙනා අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (10) පස්වරුවේ කළුතර දිස්ත්‍රික්යේ මිල්ලනිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින්.

ඇතැම් පිරිස් සිය පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා‌ කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කළ බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

කොවිඩ් – 19 වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට රජය සමත්ව සිටින බවත්, ඉදිරියේදීත් රජය ඒ පිළිබද අවධානයෙන් සිට වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට සියලු ශක්තීන් යොදවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.