News

කොරෝනා යුවල නිසා පානදුර බැංකුවක් වැසේ

කොරෝනා වෛරසය ආසාදිත වූ යුවලක් පැමිණි බවට අනාවරණය වීමත් සමඟ පානදුර පෞද්ගලික බැංකුවක් අද(02) උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොර මුදලි මහතා පවසයි.

කළමනාකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

වාද්දුව පදිංචි එම යුවලට මීට දින කීපයකට ඉහතදී පි.සි.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඊයේ(01) සවස එහි වාර්තා ලැබී ඇත.

අනතුරුව ඔවුන් ආ ගිය තැන් පිළිබඳ විමසීමේදී ඉකුත් සිකුරාදා වන විට එම යුවළ දින කීපයක් බැංකුව වෙත පැමිණ තිබූ බවට අනාවරණය වී ඇත.

එම බැංකු පරිශ්‍රය විසබීජ හරයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් කාර්යමණ්ඩලයක් යොදවා හෙට දින සිට පවත්වාගෙන යාමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.