News

කොරෝනා රෝගීන් දෙදෙනෙක් නිසා නුගේගොඩ සතිපොල වහයි

නුගේගොඩ මහජන පොලේ පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් -19 අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

නුගේගොඩ මහජන පොලේ මාළු විකිණූ වෙළෙන්ඳන් දෙදෙනෙකු කොවිඩ් -19 අසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ එම පොළ භූමිය තාවකාලිකව වසාදැමීමට කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා පියවර ගෙන ඇත.

එම ස්ථානය විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරු නැවත කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය