News

කොරෝනා වලින් සුවය ලැබූ ගණන 40000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 656දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනයවීමෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 40317 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 46,780ක් වන අතර, ඉන් 6241දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 222කි.