News

රටවල් තුනක සිරවී සිටි 91දෙනෙකු ශ්‍රී ලංකාවට

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් තුනක සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 91දෙනෙකු අද විශේෂ ගුවන් යානා 4කින් මෙරටට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි අතර, එහි ලාංකිකයන් 21දෙනෙකු සිටි බවයි.

ඉන් අනතුරුව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ ඇති අතර ඉන් පළමු ගුවන් යානයේ මගීන් 61දෙනෙකු ද දෙවන ගුවන් යානයෙන් මගීන් 08දෙනෙකු ද පැමිණ තිබේ.

එමෙන්ම තවත් ගුවන් යානයකින් අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු පැමිණ ඇත.

එම මගීන් සියලු දෙනාම කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබේ.