කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වැළඳුන ආසාදිතයන් 06ක්
මුල්වරට හඳුනාගත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වැළඳුන ආසාදිතයන් පිරිසක් හමුව තිබෙනනවා. එම පිරිස බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනා ගත් ආසාදිතයන්ට සමාන වන අතර එම ආසාදිතයන් 06 දෙනා ඉන්දියාවෙන් හමුවී තිබෙනවා.
මොවුන් සියලු දෙනා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අය බව ඉන්දීය බලධාරීහු සඳහන් කරනවා.
එසේම කැනඩාව, ජපානය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ප්‍රංශය ඇතුළු ලොවපුරා රටවල් ගනනාවකින් කොරෝනා නව ප්‍රභේදය වාර්තා වී තිබෙනවා.
වෛරස විශේෂඥයෝ සඳහන් කරන්නේ නව ප්රබේධය අනෙක් ප්‍රභේද වලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇති බවයි.
