News

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඔවුන් රාගම හා බණ්ඩාරගම ප්‍රදේශයන්හිදි අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් දෙදෙනා සැලුනයක සේවය කරනු ලබන අතර අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රියදුරෙක් බව පොලිසිය සඳහන් කලේය.