කොල්කටා නුවර සිටින සිසුන් රැගෙන එමට විශේෂ ගුවන් යානයක් පිටව යයි
ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්රී ලාංකික සිසුන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා අද (30) දින උදෑසන ශ්රීලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1187 දරන එම ගුවන් යානය අද උදෑසන 10.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කොල්කටා නුවර බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය අද දින පස්වරු 1.00 ට ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර යළිත් සවස 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ගුවන් යානයෙන් ශ්රී ලංකාවට රැගෙන එන සිසුන් ප්රමාණය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ මේ වනතුරු දැනුවත් කර නොමැති අතර එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 කු ගමන් ගෙන තිබුණි.
