කොවිඩ්වලට මුහුණ දෙන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1640ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව පසුගිය සඳුදා (22 වැනිදා) ඇමෙරිකානු ඩොලර් මිලියන 87.24ක (රුපියල් කෝටි 1640ක) අමතර මුදලක් අනුමත කර තිබේ.
මීට අමතරව හදිසි මූල්‍යකරණ පහසුකමක් ලෙස තවත් ඩොලර් මිලියන 1.72ක් වෙන්කොට ඇත.
ලෝක බැංකුවේ සහන කොන්දේසිවලට අනුව මෙම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර පහක කාලයක් සහ වසර තිහක කල්පිරීමක් ලබාදී ඇත.
ලෝක බැංකුව පවසන්නේ කොවිඩ්-19 මගින් එල්ලවන තර්ජන වැළැක්වීමට, හඳුනා ගැනීමට හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැංවීමට හා රටේ මහජන සෞඛ්‍ය සූදානම සඳහා ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල්වනු ඇති බවයි.
මෙම වැඩසටහන යටතේ කොවිඩ්-19 ආසාදනය විය හැකි යැයි සැලකෙන අධි අවදානම් පවුල් හුදෙකලා කිරීමේදී ඔවුන්ට පැන නගින ආර්ථික අසීරුතා සමනය කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටද යෝජනා වී තිබේ.
නයන තරංග ගමගේ
