කොවිඩ්වලින් පහරකෑ අයට සහන ඉල්ලීමේ කාලය දීර්ඝ වේ
කොවිඩ් -19 වෛරසයේ බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට සහන ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි කාලය මැයි 15 වැනි දින දක්වා දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ අසීරුතාවට පත් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා වූ බිලියන පනහක ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රමය යටතේ රජය විසින් හඳුන්වාදුන් සහන පැකේජය ඔස්සේ සහන අයදුම් කිරීමේ කාලය අවසන් වන දිනය ලෙස මීට පෙර සඳහන් කර තිබුණේ අප්‍රේල් 30දාය.
මේ අතර චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවලට නියම කර ඇත්තේ රු. ලක්ෂ පහකට අඩු වටිනාකමින් යුත් චෙක්පත්වල වලංගු කාලයද මැයි 15 දින දක්වා දීර්ඝ කරන ලෙසය.
නයන තරංග ගමගේ
