News

කොවිඩ්වලින් මියගිය ශ්‍රමිකයින්ට රක්ෂණ වන්දි

කොවිඩ් 19 වැළඳීමෙන් මිය ගිය ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව මියගිය අය අතුරින් 14 දෙනෙකු වෙනුවෙන් අදාළ ලිපි ගොනු දැනටමත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කොට තිබේ.

එම මියගිය 14 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 12 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළත් වේ. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි ආරාබියේදී මියගොස් ඇති අතර, තවත් සිව් දෙනෙකු කුවේට් හා එක් අයෙකු ඩුබායිහීදි මිය ගොස් තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව අතර, විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ඇති කරගත් රක්ෂණ ගිවිසුමට අනුව යමින් කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින්ට මෙම වන්දි පිරිනැමේ.

මෙයට අමතරව කොවිඩ් හේතුවෙන් මියගිය බව තහවුරු කරගත් 23 දෙනෙකුගේ ආගමික කටයුතු සඳහා රු.40,000.00 බැගින් ගෙවීමටද මේ වන විට කටයුතු යොදා තිබේ. කොවිඩ් 19 වැළදීමෙන් මිය ගිය තවත් ශ්‍රමිකයින් පිරිසකගේ ලියවිලි කාර්යාංශයට ලැබෙමින් පවතින අතර, ඔවුන් වෙනුවෙන්ද රක්ෂණ වන්දි පිරිනැමීමට ඉදිරියේදී කටයුතු කෙරේ