News

කොවිඩ් අරමුදලට විශ්‍රාමික ගුරු මවක් ජනපතිට ලක්ෂ දෙකක් දීලා

පුත්තලම, කාක්ක පල්ලිය, මනක්කුලම පදිංචි එම්.ඒ.එච්.පී. මාරසිංහ (84) විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ජනාධිපතිවරයාට ඊයේ (6 වැනිදා) පිළිගැන් වූවාය.

මාදම්පේ තනිවැල්ලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයාට මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

ජනාධිපතිතුමනි, නීතිය යුක්තිය, ධර්මය රකින රජයක් – ස්වයංපෝෂිත රටක් අපට දෙන්න’ යනුවෙන් ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත රුපියල් ලක්ෂ දෙකක මුදල ඔතා දුන් කොළයේ සටහන් කර තිබිණි.