කොවිඩ් ආසාදිත දේහය ආදාහනය කරන්නැයි උපදෙස්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොටඇති කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයාගේ දේහය මිට පෙර නිකුත් කරණු ලැබු චක්‍රලේඛ ප්‍රකාරව ආදාහනය කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් අද(23) දින ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇත.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියගේ 21 දින ලබාදුන් නියෝගයට අනුව කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ වරයා විසින් මිට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බවත් එම උපදෙස් පිළිබදව මහේස්ත්‍රාත් තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙසත් එම ලිපිය මගින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුමි දි ඇත.
මෙම මෘත දේහය කොරෝනා නිති හා රෙගුලාසි යටතේ අනිවාරයෙන්ම ආදාහනය කරණවාද නො එසේනම් අධිකරණ ඇමති අල්සබ්රි මහතා යෝජනා කොට ඇති පරිදි සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙනතෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය තැන්පත්කර තබනවාද යන්න සම්බන්දයෙන් ගැටළුකාරි තත්වයක් මතුවි ඇත. මේ තත්වය මත පවතින අවදානම් තත්ත්වය හමුවේ අධිකරන වෛද්‍යවරුන් වෘත්ය ක්‍රියා මාර්ගයකට යාමට හැකියාවක් ඇති බැවින් මෙ සම්බන්දයෙන් ගතයුතු උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ගාල්ල අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි.
මේ සම්බන්දයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන එකි උපදෙස් පරිදි ක්‍රියාකිරිමට ගාල්ල අතිරේඛ මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කොට තිබුණි.. ඒ අනුව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් මේ සම්බන්දව උපදෙස් පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කිරිමට කටයුතු කරණු ලැබිය.
ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරුපියා පසුගිය 19 වැනිදින මියගිය අතර මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරුවි තිබුණි. මෙකි මරණය සම්බන්දව හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්දුසේන ලොකුගේ මහතා මියගිය තිදරුපියාගේ දේහය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ අදාහනය කරණ ලෙස නියෝග කොට තිබුණි. ආදාහනය කරන්නෙ නම් සිරුර බාර නොගන්නා බවත්, භූමිදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින් මියගිය අයකුගේ පුතෙකු මරණ පරික්ෂණයේ දි ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව යනු ලැබිය. එම තත්වය නිසා මෙකි මෘතදේහයේ අවසන් කටයුතු කළයුතු ආකාරය පිළිබද ගැටළුකාරි තත්වයක් ඇතිවිය.
රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයට සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පශ්චාත් මරණ පරික්ෂණ සිදු කිරිමට දින වෙන්කර ඇත.සාමාන්‍ය ශිතකරනයක මෙම මරනය තැබිම නිසා එම සිසු සිසුවියන්ටද අවදානමක් ඇතිවිය හැකි බව රෝහල් කාර්ය්ය මන්ඩලය පෙන්වා දෙයි.
එබැවින් අධීකරණ නියෝගය මත අධි ශිතකරණයක තැන්පත් කර තබන ලෙස නියෝග ලබා දි ඇතත් මේ වන විටත් කරාපිටිය රෝහලේ සාමන්‍ය මෘත ශරිර තැන්පත් කර ශිතාගාරයක තැන්පත් කර තබා ඇති නිසා ඒ තුලින් සෙඛ්‍ය සේවකයන්ට හා මරණ පරික්ෂණ කටයුතු සදහා පැමිණෙන මරණකරුවන්ගේ ඥාතින්ට මෙම වෛරසය ආසාදනය විමේ ප්‍රවණතාවයක් ඇති වන බැවින් එම මෘත ශරිරය කරාපිටිය රෝහලෙන් රැගෙන ගොස් අධී ශිතකරනයක තබන ලෙසත් එසේ නොවන්නේ නම් නිරෝධායන නිති අනුව කටයුතු කරිමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.

