News

කොවිඩ් ආසාදිත 558කට සුවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 558දෙනෙකු සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් 24,867දෙනෙකු සුවය ලබා ඇති බවයි.

ඊයේ (14) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 33,478ක් වන අතර ඉන් 8457දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.