කොවිඩ් එන්නත නිසා තරුණයෙක් මිය යයි
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් අත්හදාබැලීමේ ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ තරුණයකු ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ බ්‍රසීල වෛද්‍යවරයෙකි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZeneca ඖෂධ සමාගම ඒකාබද්ධව නිපදවන ලද කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් අත්හදාබැලීමේ ව්‍යාපෘතියට ඔහු ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී ඇත.
එන්නත නුසුදුසු යැයි මෙයින් කිසිසේත් ගම්‍ය නොවන බව එන්නතේ නිෂ්පාදකයෝ පවසති.
එම පුද්ගලයා මිය ගියේ එන්නත නිසා නොව කොවිඩ්-19 රෝගය ආසාදනය උත්සන්න වීම නිසා බව බ්‍රසීලයේ පුවත් වෙබ් අඩවියක ඊයේ (22) සඳහන් විය.
මිය ගිය පුද්ගලයා සැබවින්ම ලබාගත්තේ ඖෂධීය එන්නතද, නැතහොත් එහි ව්‍යාජ අනුරූපක (placebo) එන්නතක්ද යන්න මෙතෙක් නිශ්චය කරගෙන නැතැයි බ්‍රසීල අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් එක්වූ 10,000 අතරින් මේ වනවිට 8,000කටම පළමු වටය එන්නත් කර ඇති බවත්, ඇතැම් පිරිසකට දෙවැනි එන්නත් වටය පවා ලබාදී ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.
